බ්ලොගර් බ්ලොග් අඩවිය මිනිතුවෙන් ස්ථිවර ලෙස මකා ඉවත් කරන ආකාරය

බ්ලොගර් ගිණුමකින් සාදන්න පුළුවන් බ්ලොග් ගනන 100ක් විතරයි.

අනවශ්‍ය බ්ලොග් තියෙනවනම් ඒවාගේ පොස්ට් හා Tempalate වල Backup එකක් ලබාගෙන ඒවා මකා ඉවත් කරන්න ඔබට පුළුවන්.

මීට පෙර බ්ලොගර් ගිණුමකින්  මකන ලද බ්ලොග් එකක්   බ්ලොගර් ගිණුමකින් ඉවත් වෙන්න දින 90වක කාලයක් ගත උණා. එසේ දින 90වක කාලයක් ඔබට ලබා දුන්නේ ඔබ බ්ලොග් එක නැවත අවශ්‍ය උනොත් නැවත ලබා ගන්නයි. 

නමුත් ඔබට දැන් ඔබට පුළුවන් දින 90වක්  ඉන්නේ නැතුව  බ්ලොග් එක ස්ථිර ලෙස මකලා දාන්න පුළුවන්.

බ්ලොගර් බ්ලොග් අඩවිය ස්ථිවර ලෙස ඉවත් කරන ආකාරය

1.  මුලින් ම Blogger ගිණුමට ලොග් වෙලා මකා දැමීමට අවශ්‍ය බ්ලොග් එකේ Seetings > Other > ගිහිල්ලා Delete Blog බටන් එක ඔබන්න.


2. Delete Blog බටන් එක ඔබපු ගමන් new window එකක් විවෘත වෙනවා. එකේ Download Blog බටන් එක ඔබලා ඔබට අවශ්‍ය නම් ඔබේ සියළු පොස්ට් xml ගොනුවක් ලෙස Download කරගන්න. ( නැවත ඔබ මකන බ්ලොග් එක නිර්මාණය කර ගන්න අවශ්‍ය උනොත් ඒ xml ගොනුව නව බ්ලොග් අඩවියකට Upload කරලා සියළු ලිපි සමග නැවත සාදා ගන්න පුළුවන්) බ්ලොග් එක මකන්න Delete This Blog බටන් එක ඔබන්න දැන්.


3. දැන් යන්න Blogger dashboard එකට. එහි ඔබ මකන ලද බ්ලොග් එකේ ඉදිරියෙන් (පහත රුපයේ අයුරින් ඇති) Permanently delete හා Undelete කියලා බටන් දෙකක්. මෙහි Undelete එබුවොත් බ්ලොග් එක ඔබට නැවත ලබා ගන්න පුළුවන්. Permanently delete එබුවොත් බ්ලොග් එක ස්ථිවර ලෙසම මැකිලා ඔබේ Blogger ගිණුමෙන් ඉවත් වේවි. දැන් බ්ලොග් එක ඔබට ස්ථිවර ලෙසම මකන්න අවශ්‍යනම් Permanently delete ඔබන්න.


4. ඊළගට නැවත ඔබන්න Permanently delete බටන් එක එතකොට බ්ලොග් එක Blogger ගිණුමෙන් මැකිලා ඉවත් වේවි.

Facebook Page එකේ හා Profile එකේ සියළුම Wall Posts එක ක්ලික් එකෙන් මකන්න පුළුවන් Chrome Extension එකක්



මේ Extension එකෙන්  පුළුවන් Facebook Page එකේ Profile එකේ සියළුම Post මකලා දාන්න.  තව Profile එකේ තියෙන දේවල් Hide/Unhide කරන්න Like කරලා තියෙන ඒවා Un Like කරන්නත් Backup එකක් ලබා ගන්නත් පුළුවන්. මේ Extension එකේ නම තමයි Facebook Post Manager

මේක භාවිතා කරන්නේ මේහෙමයි.

මුලින් ම මෙතනට ගිහිල්ලා ඔබේ Chrome Web Browser එකට මේ Extension එක දාගන්න.

ඔබට මකන්න ඕනේ Facebook Profile එකේ Wall Post නම් ඔබ යන්න ඕනේ Profile එකේ Activity Log වලට.  Profile එකට ගිහිල්ලා එතන තියෙන  (රුපයේ පරිදි) View Activity Log ඔබන්න. 


ඊට පස්සේ මේ Extension එකේ Icon එක ඔබලා මේ  Extension එකෙන් එන Menu එකේ තියෙන ඔයාට කරගන්න ඕනේ වැඩේ තියෙන බටන් එක ක්ලික් කරන්න. 
(උදා - Posts Delete කරන්න නම් ඕනේ Posts Delete මත ඔබන්න)


 ඕක ඔබපු ගමන් මැකෙන්න ගන්නේ නැහැ. ටික වෙලාවක් ඔයා දාපු Post , Like , Hide කරපුවන්ම් ඒවා Scanning කරනවා. Scanning කරන වෙලාවට Facebook උඩ Bar එකේ වැටිලා තියෙනවා (පහත රුපයේ පරිදි) Scanning කියලා. 


ඊට පස්සේ ඕක Scanning වෙලා ටික වෙලාවකින් ඔබෙන් අහවි ඒ ටික මකන්න ද කියලා එතකොට Confrim හෝ Ok බටන් එක ඔබන්න එචරයි. 

Facebook Page එකේ Post මකන්න , Hide කරපුවා Unhide කරන්න Like කරපුවා Un Like කරන්නBackup එකක් ගන්න ඕනම් Facebook Page එකේ Activity Log වලට යන්න.  Seetings වලට ගිහිල්ලා Activity Log කියන එක ඔබලා වැඩේ කරගන්න පුළුවන් මම ඉහත කියලා දුන්න විදියමයි Page එකේ  Activity Log ගියත්.  ඒ විදියටම කරගන්න ගැටළුවක් තියෙනවනම් Comment එකක් දාලා අහන්න මම උදව් කරන්නම්.



Gnome වලට කැමති අයට Ubuntu Mate


මේක Ubuntu පාධක මෙහෙයුම් පද්ධතියක්.

ඉස්සර Ubuntu මෙහෙයුම් පද්ධතියේ ආපු GNOME 2 desktop Environment එක සංවර්ධනය කරලා හදපු OS එකක් තමයි Ubuntu Mate කියන්නේ.

පැරණි Gnome 2 Desktop Environment  එකට කැමති අයටයි,  Ubuntu වල එන Unity Desktop Environment එක පෙන්න බැරි අයටයි  පුළුවන් මේ Ubuntu MATE මෙහෙයුම් පද්ධතියට මාරු වෙන්න.


මෙන්න තියෙනවා Ubuntu Mate System Requirements

Minimum

Pentium III 750 megahertz

512 megabytes (MB) of RAM

8 gigabytes (GB) of available space on the hard disk

Bootable DVD-ROM drive

Keyboard and mouse (or other pointing device

Video adapter and monitor with 1024 x 768 or higher resolution

Sound card

Speakers or headphones


Recommended

Core 2 Duo 1.6 gigahertz

2 gigabytes (GB) RAM

16 gigabytes (GB) of available space on the hard disk

Bootable USB flash drive

Keyboard and mouse (or other pointing device)

3D capable video adapter and wide screen monitor with 1366 x 768 or higher resolution

Sound card

Speakers or headphones


Screenshots








2016 වර්ෂයේ April මස පැමිණි අළුත් ම 16.04 LTS Ubuntu Mate මෙහෙයුම් පද්ධතියේ, 32bit සංස්කරණය හෝ 64bit සංස්කරණය මේ Link එකෙන් Ubuntu Mate නිළ වෙබ් අඩවියට පිවිස Download කරගන්න. https://ubuntu-mate.org/download/

Blogger බ්ලොග් එකට සියළුම ලිපි හා ප්‍රතිචාර ගණන පෙන්වන ගැජට් එකක්


Blogger බ්ලොග් එකේ තියෙන සියළුම ලිපි හා ප්‍රතිචාර ගණන පෙන්වන ගැජට් එකක් මේක. මේක දැම්මට පස්සේ පහත රුපයේ ආකරයට ඔබේ සියළුම ලිපි හා ප්‍රතිචාර ගණන පෙන්වනවා.


මේක දාගන්න Blogger බ්ලොග් අඩවියේ Layout -> Add a Gadget -> HTML/JavaScriptAdd එකක් අරගෙන පහත කෝඩ් එක දාලා Save කරගන්න.

පහත කෝඩ් එකේ you.blogspot.com තියෙන තැනට ඔබේ බ්ලොග් එකේ ලිපිනය දාගන්න.

Total Posts: , Total Comments කියන තැනට කැමති නමක් දාගන්න පුළුවන් 'Total Videos, සියළුම ලිපි' කියලා උනත් දාගන්න පුළුවන්


ලිපි ගණන හා ප්‍රතිචාර ගණන පෙන්වන ගැජට් එක


<script src="http://code.anusha.info/Blogger/total-post.js" type="text/javascript"></script>
<div style="font: 15px Georgia;">
Total Posts: <script src="http://you.blogspot.com/feeds/posts/default?alt=json-in-script&amp;callback=Anushainfo"></script></div>
<div style="font: 15px Georgia;">
Total Comments: <script src="http://you.blogspot.com/feeds/comments/default?alt=json-in-script&amp;callback=Anushainfo"></script></div>

ලිපි ගණන විතරක් පෙන්වන ගැජට් එක
(පහත කෝඩ් එක දැම්මොත් පෙනෙන්නේ සියලුම ලිපි ගණන විතරයි)

<script src="http://code.anusha.info/Blogger/total-post.js" type="text/javascript"></script>
<div style="font: 15px Georgia;">
Total Posts: <script src="http://you.blogspot.com/feeds/posts/default?alt=json-in-script&amp;callback=Anushainfo"></script></div>

Facebook වල බ්ලොක් උණ Domain වල Link Facebook එකේ Share කරන්නේ මෙහෙමයි.



මම වීඩියෝ බ්ලොග් එකක් කරනවා මේ දවස් වල මේ දවස් වල වැඩියෙන්ම කට්ටිය එන්නේ ඒකට. මුලින් Sub Domain එකකින් පටන් ගත්තා  වැඩේ සාර්ථක නිසා මම මේකට XYZ Domain එකක් අරන් දැම්මා ( හැම තැනම 0.88 වගේ තියෙනවා) Domain එක Add කරලා Facebook Share පාරක් දෙන්න බලද්දී Domain එක Facebook එකෙන් බ්ලොක් කරලා Unsafe කියලා. ඔය ගැන හොයලා බලද්දී නම් කිහිප දෙනෙක් කිව්වේ XYZ Domain හැම එකක් වගේම Facebook එකේ ඔහොමයි කියලා. එහෙමයි කියලා බැරි නිසා මම හොයලා බැලුවා මේක හදා ගන්න විදියක් හදා ගන්න විදියක් නම් හම්බුනේ නැහැ Facebook එකට මන් දෙපාරක් දැන්වුවා වැඩක් උනේ නැහැ.

මට හම්බුණා Facebook එකේ මෙහෙම බ්ලොක් උණ Domain වලින් Post Share කරන්න පුළුවන් වෙබ් අඩවියක්. මේ තියෙන්නේ ඒක http://link2fb.com/ ඔයාගේ Domain එක Facebook එකේ Share කරද්දී එක එක Photo කෑලි එවලා ඒවා තෝරන්න කියනවනම් හෝ කොහෙත්ම Facebook එකේ Post Share කරන්න බැරිනම් මේ වෙබ් අඩවිය ඔයාට ගොඩක් ප්‍රොයෝජනවත් වෙයි.

මුලින් ම ඔයා යන්න මේ වෙබ් අඩවියට http://link2fb.com/ , ඊට පස්සේ Your link කියන තැනට ඔයාගේ Facebook එකේ Share කරන්න බැරි Link එක එතනට දෙන්න. Title එකත් දෙන්න , Description එකත් දෙන්න. වීඩියෝ එකක් Share කරනවනම් විතරක් Play button එක තෝරන්න , වීඩියෝ එකක් Share කරන්නේ නැත්තම් No play button ලෙස ඒක එහෙන්මම තියෙන්න හරින්න. Change picture කියන තැනට Post එකට අදාල Image එකක් Upload කරන්න ඕනේ. ( එතකොට තමයි අර Share වෙන Post එකේ Image එක ලොකුවට පෙන්නේ Link එක්කත් එක්ක) ඊට පස්සේ Get My Link ඔබන්න. එතකොට Popup Window එකක් එනවා එකේ තියෙන එයාලේගේ Ads එක ඔබන්න එතකොට නව Link එකක් ඔයාට හම්බෙයි අන්න ඒක Facebook එකේ Share කරන්න.
එචරයි තියෙන්නේ.

Get My Link එබුවට පස්සේ ඔයා Ad Block Extension එකක් භාවිතා කරනවනම් ඔය වෙබ් අඩවියෙන් ඔය නව Link දෙන්න ටිකක් පරක්කු වෙනවා. Get My Link එබුවට පස්සේ එන Popup එකේ සදහන් වෙයි ඔයාගේ Ad Block Extension එක Disable කරන්න කියලා. ඒක කොලොත් ඉක්මනින් Link එක ඔයාට ගන්න පුළුවන් ඒක නිසා ඒක Disable කරන්න නැත්තම් Incognito භාවිතා කරන්න.

තව Google Login , Facebook Login භාවිතා කරලා ඔයාට ඔය වෙබ් අඩවියේ Account එකක් සාදා ගන්න පුළුවන්. එහෙම සාදා ගත්තා ට පස්සේ ඔය එකෙන් හදා ගන්න Link Edit කරලා වෙන Link දාගන්නවා වගේ වැඩ කරන්න පුළුවන්.

තව එයාලා ඔය දෙන නව Link එක එයාලගේ Domain එකකින් නේ දෙන්නේ. ඒකට අපිට අපේම Domain එකක් භාවිතා කරන්න පුළුවන්, ඒකට එයාලව contact කරගන්න ඕනේ කියලයි වෙබ් අඩවියේ සදහන් වෙන්නේ.

මුණු පොතේ Video Auto Play වෙන එක නවත්තමු


මුණු පොතේ Video Auto Play වෙන එක ලෙසියන් නවත්වන්න පුළුවන්. කරන්න තියන්නේ මෙචරයි

මෙතනට යන්න https://www.facebook.com/settings?tab=videos

Auto-Play Videos - එක Off තෝරන්න ( සිංහල භාෂාව දාගෙන ඉන්නවනම් අක්‍රීය තෝරන්න)


අන්තර්ජාලයේ සැගවුණු පෙදෙස - Deep Web


ඔබ හිතන්නේ ඉන්ටනෙට් එකේ තියෙන හැම වෙබ් පිටුවක් ම ඔබට පේනවා කියලා ද ? එහෙනම් ඔබ වැරදී.


ඉන්ටනෙට් කියන්නේ අපිට පේන World Wide වෙබ් විතරක් නෙවෙයි. World Wide Web වලට අයිති නැති වෙබ් පිටුත් ඉන්ටනෙට් එකේ තියනවා ඒවා අයිති වෙන්නේ Deep Web එකට 

Deep web කියල කියන්නෙ අපිට එහෙමත් නැත්තන් සාමාන්‍ය users ලට, surfers ලට access කරන්න බැරි ඒත් web අවකාශයේ එදා ඉඳන් ම තිබුන දෙයක්

සමස්ථ අන්තර්ජාලය ගත්තාම අපිට Access කරන්න පුළුවන් ප්‍රමාණය 4% ක්, ඉතිරි 96% 
ම වෙන් වෙලා තියෙන්නේ Deep වෙබ් එකටයි

ඔබ Google , Yahoo , Bing  ගිහිල්ලා Search කරාට Deep වෙබ් සයිට් නම් කිසි විටෙකත් හොයාගන්න බැහැ. මොකද මේ වෙබ් අඩවි ඒවාට හසු නොවන්න හදලා තියෙන්නේ.

ඉන්ටනෙට් එකේ තියන නීති විොර්ධී දේවල් වලින් වැඩි හරියක් තියන්නේ මේ Deep වෙබ් එකේ තමයි.

Deep වෙබ් එකට යන එක නීති විරෝධී නෑ. ඒත් ඒකෙන් වැරදි වැඩ කරොත් ඒව නීති විරෝධී.

Deep වෙබ් එකේ මුදල් ගනු දෙනු සිදුවන මුදල් එකකය තමයි Bitcoin . ගනු දෙනු නිතියානුකුළ නිසාද කිසිවෙක් ඒ ගැන දැන නොගන්නා නිසාද හැකර්වරුන් වෙනත් රහසිගත කරනු වලට කැමති පුද්ගලයන් හා ආයතන අතර මෙය වේගයෙන් ජනප්‍රිය උණා

ඒ වගේම මෙහි භාවිතා කරන වෙබ් ලිපින සාමාන්‍ය වෙබ් ලිපිනයන්ට වඩා හාත්පසින්ම වෙනස් වෙනවා. 
උදා -:
http://3g2upl4pq6kufc4m.onion/ – DuckDuckGo Search Engine
http://xmh57jrzrnw6insl.onion/ – TORCH – Tor Search Engine

Deep වෙබ් එකට යන ආකාරය

Deep වෙබ් එක ඉතා භයානක වයිරස් , මැල්වෙයා හැකර් වරුන් බහුල ප්‍රදේශයක්,   (යනවනම් යන්න ඕනේ හොද Firewall එකක් දාගෙන Ip එකත් මොකක් හරි Proxy හෝ VPN එකකින් වෙනස් කරගෙන)  Deep වෙබ් ගිහිල්ලා ඔබේ Pvt දත්ත ඒ වෙබ් අඩවි වලට කිසි විටෙකත් ලබා නොදෙන්න. E-mail ලිපිනවත් දෙන්න එපා, දෙනවනම් වෙනම වෙන නමකින් එකක් හදලා දෙන්න. ඒ වගේම ෆයිල් Download කරන්න හිතන්නවත් එපා භායනක වයිරස් තියෙන්න පුළුවන්.  ඔන්න ඔබ ගිහිල්ලා ඉවර වෙලා පස්සේ මට බයින්න එපා කිව්වේ නැහැ කියලා. මම මුලින් ම කිව්වා. ඒ වගේම ඔබ ගිහිල්ලා මොනවා හරි උනොත් මට කිසිම වගකීමක් ගන්නත් බැහැ

මේ ඩීප් වෙබ්සයිට්ස් access කරන්නනම් Tor, I2P, Freenet , Maxthon Cloud Browser, android වලින් යනවනම් Orbot වලින් යන්න පුළුවන්. වැඩියෙන්ම බාවිතා වෙන්නේ Tor වෙබ් බ්‍රවුසර් එක තමයි , Tor වෙබ් බ්‍රවුසර් එක Firefox පාදක වෙබ් බ්‍රවුසර් එකක් tor එකෙන් කරන්නේ අපි ඩීප් වෙබ් surf කරනකොට අපේ IP address එක හංගන එක.

1. මෙන්න මෙතනින් tor Download කරගන්න. https://www.torproject.org/projects/torbrowser.html.en

2. ඊට පස්සේ Install කරගන්න.

3. ඊලගට tor වෙබ් බවුසර් එක Open කරගන්න


වෙනස් උණු Ip ලිපිනය තමයි ඔය රතු කොටුවේ පෙන්නේ


මේ වෙබ් ලිපිනයට Tor එකෙන් යන්න (Tor එකෙන් විතරයි යන්න පුළුවන්) මේක තමයි Deep වෙබ් එකේ තියෙන Hidden Wiki එක. මේකේ තියෙනවා ගොඩක් Links වගේ ඒවා Deep වෙබ් Search Engine වගේ ඒවා එහෙමත් තියෙනවා. මෙතන ගිහිල්ලා ම බලන්නකෝ http://zqktlwi4fecvo6ri.onion/wiki/index.php/Main_Page

Yllix මගින් මුදල් උපයන ආකාරය


Yllix කියන්නේ දැනට හොද මට්ටමේ තියෙන ad network එකක්.

Yllix වලින් උපයන මුදල් ගෙන්න ගන්න ව්‍යාජ Paypal Account හද හදා දගලන්න ඕනේ නැහැ $ 10 උන ගමන් Ez Cash වලින් ඔයාගේ Phone එකටම ගෙන්න ගන්න පුළුවන්.

Ez Cash වලට ගෙන්වා ගන්න $ 10 වෙනකම් ඉන්න බැරිනම් PayPal , Payza , Skrill , වලට ගෙන්වා ගන්න පුළුවන් $ 1 උණ ගමන් දෛනිකව උණත්. 


Yllix වලින් සාර්ථක ලෙස මුදල් හොයන්න නම් හොදට traffic තියෙන බ්ලොග් / වෙබ් එකක් තියෙන්න ඕනේ. එහෙම මොකක්වත් නැත්තම් බ්ලොග් එකක් හදාගෙන හොදට traffic එනකොට Yllix භාවිතා කරන්න පුළුවන්.

වැඩිදුර තොරතුරු ඔබට සිංහලෙන් ම Yllix වෙබ් අඩවියෙන් බලාගන්න පුළුවන්. විශේෂයෙන් ම කියන්න ඕනේ මේක විදෙස් ආයතනයක්. එත් එයාලා වෙබ් එක සිංහලෙනුත් හදලා තියෙනවා.

මම Yllix ගිණුමක් සාදා ගන්නා ආකාරය හා Yllix  ඔබේ වෙබ් බ්ලොග් අඩවියට දා ගන්න ආකාරය කියලා දෙන්නම්.

1. මුලින් ම Yllix වෙබ් අඩවියට යන්න https://yllix.com/416466/ ( මේක මගේ AFFILIATE LINK එක කැමතිනම් මේකෙන් ගිහිල්ලා Signup වෙන්න)

2. මුලින් ම භාෂාව වෙනස් කරගන්න උඩ English කියන එක ඔබන්න. එතනින් සිංහල තෝරන්න.


3. ප්‍රකාශක ගිණුමක් තනන්න කියන එක ඔබන්න ඊලගට


4. ඊළගට ඔබේ නම , E-mail ලිපිනය දෙන්න දීලා 'ගිණුම ගිණුම අරඹන්න' ඔබන්න.


ඊළගට පහත පරිදි පණිවිඩයක් ලැබේ


5. දැන් යන්න ලබා E-mail පරීක්ෂා කරන්න, ගිණුම සක්‍රීය කිරීමේ සබැදිය ක්ලික් කරලා ගිණුම සක්‍රිය කරගන්න.


6. ගිණුම සක්‍රීය කිරීමේ සබැදිය ක්ලික් කරලා වෙබ් අඩවියට යනකොට ම එනවා Popup එකක් එකේ I fully understand and accept the General Terms and Conditions for Publishers. ක්ලික් එකක් දාලා Complete Registration ඔබන්න.


7. ඊළගට ඔයාගේ විස්තර ටික පුරවලා Contiune ඔබන්න.


8. ඊළගට ඔයාගේ දුරකථන අංකය දීලා , තව Skype Id එකක් තියෙනවනම් එකත් දීලා Contiune ඔබන්න. ( මට Skype Id එකක් තියෙනවා එත් මම ලබා දුන්නේ නැහැ)

9. ඊළගට payments කරන්න ඕනේ විදිය තෝරන්න. මමනම් Ez Cash තේරුවේ. Ez Cash ගිණුමක් නැත්තම් ඔබේ Dialog , Etisalat , Hutch දුරකථනයෙන් #111# Dial කරලා මතක හිටින Password එකක් දාලා පහසුවෙන් Ez Cash ගිණුමක් හදා ගන්න. ( Ez Cash ගිණුමේ සීමාවක් තියෙනවා මුදල් ඇතුළු කරන්න පුළුවන් රු 10000 හා 25000 ගිණුම් වශයෙන් 25000 ගිණුම් අපි ශාකාවකට ගිහින් හදා ගන්න ඕනේ)


10. දැන් Ez Cash දුරකථන අංකය ඇතුළු කරන්න.


11. ඊලගට රුපයේ පරදී Close ඔබන්න.


12. ඊළගට Ad Tags ඔබන්න


13. AD TAG GENERATOR වලින් කැමති එකක් මත ක්ලික් කරන්න https ඇඩ්ස් නම් ගොඩක් ආරක්ෂිතයි ඒවා මේ ලගදි හදුන්වා දුන්නේ. (අනිත් ඒවා දැම්මොත් මැල්වෙයා ඇවිල්ලා සයිට් එක Google එකෙන් බ්ලොක් වෙන්න පුළුවන්)


14. ඊලගට ඔබ කැමති එකක් මත එබුවන්ම් පහත රුපයේ ආකාරයට. Website type: Non Adult තෝරන්න, (Adult තෙරුවොත් Porn Ads තමයි වැටෙන්නේ.)
Format: තෝරන්න , Optional settings ඔබන්න ඊළගට එතනින් පුළුවන් Code type: එක තෝරන්න. Iframe හෝ Java/Script මමනම් Iframe Ads ම තමයි දැම්මේ. අවසානයේ Get Ad Tag ඔබන්න. එතකොට Ad Code එක ලැබෙයි.


15. දැන් අර ලැබුණ Ad Code කොපි කරගෙන ඔබේ වෙබ් අඩවියට ඇතුළු කරගන්න. Blogger බ්ලොග් අඩවියක් නම් Layout ගිහිල්ලා Add a Gadget වලින් Html Java/Script එකක් අරෙගන ඔය කෝඩ් එක දාලා Save කරගන්න එචරයි. ,


ඔයාගේ වෙබ් / බ්ලොග් එකට එන අය Ads ක්ලික් නොකරොත් මුදල් හම්බෙන්නේ නැහැ. නමුත් Layer Ad Tag එකක් දැම්මොත් ඔයාගේ සයිට් එකට එන අය Ads ක්ලික් නොකරත් Yllix එකෙන් ගෙවනවා. Layer Ad Tag Safe නැහැ කියලා ත් කියන්න ඕනේ. Layer Ad Tag එකක් දැමොත් ඔයාගේ බ්ලොග් සයිට් එකට මැල්වෙයා ඇවිල්ලා Google එකෙන් බ්ලොක් වෙන්න පුළුවන්. ඒක නිසා එකේ අවධානමත් අරෙගන කරන්න. මැල්වෙයා ඇවිල්ලා Google එකෙන් බ්ලොක් උනොත්
මෙතන තියෙනවා හදා ගන්න හැටි http://www.anusha.info/2016/06/google.html

මමනම් Popup ඇඩ්ස් තමයි දාන්නේ ඒවගෙන් යම් මුදලක් හොයන්න පුලුව්න්. Adlut Ads දැම්මොත් එක ක්ලික් එකකට සාමන්‍ය Non Adult ඒවාට වඩා වැඩි මුදලක් ලැබෙනවා.  

තව දෙයක් කියන්න ඕනේ ඔයාගේ Ads වලට කොචර ක්ලික් වැටුනත් මුදල් උපයන්න නම් ඔයාගේ Account එක PREMIUM වෙනකම් ඉන්න ඕනේ. එකත් සුළු දෙයක් $ 0.09 උණ ගමන් ඔයාගේ ගිණුම PREMIUM එකක් වෙයි

මේ ලිපියේ නොදන්නා දෙයක් තියෙනවනම් අහන්න Comment මාරගයෙන් ස්තුතිය.

ඉන්ටනෙට් පැකේජ් එකේ ඩේටා ටික ඉතුරු කරගන්න පුළුවන් මෘදුකාංගයක්



Internet පැකේජ් එක Unlimited නොවේනම් Internet පැකේජ් එකේ Speed එක වැඩි වෙන්න වැඩි වෙන්න Data ටික ඉක්මනින් වාෂ්ප වෙනවා වගේ ඉවර වෙනවා.

ඕකට විසදුමක් විදියට Software එකක් තියෙනවා Internet Speed එක අවශ්‍ය 
වෙලාවට අඩු වැඩි කරගන්න පුළුවන්.

සමනය වෙබ් සයිට් වලට යනකොට kbps 250 ක විතර Speed එකක් දීලා Video එකක් හෝ Download වැඩක් කරනකොට උපරිම Speed එකට වැඩි කරගන්න පුළුවන්. මමනම් Facebook යනකොට Kbps 150 විතර අඩු කරගෙන යන්නේ නැත්තම් ඔකේ තියෙන Photo කෑලි වලටයි Auto Play වෙන Video වලට සැහෙන Data ප්‍රමාණයක් කැපෙනවා. 

මේකේ නම තමයි Net Limiter (ගොඩක් අයනම් මේක දන්නවා ඇති. මමත් මේක ගැන දැන ගෙන හුග කාලයක් වෙනවා. නොදන්නා අය වෙනුවන් තමයි මම මේක ලිව්වේ) මේකෙන් පුළුවන් වෙබ් බ්‍රවුසර් වලට වෙන වෙනම වේගය සිමා දාන්න. 

තව පරිගනකයේ Auto Update වෙන මොනවා හරි තියෙනවනම් ඒවාට වෙන වෙනම වේග සිමා දාන්න පුළුවන්.  එහෙමත් එපානම් මුළු පරිගනකයටම එක වේග සිමාවක් දාගන්න පුළුවන්. 

මේ මෘදුකාංගය Windows 7 , 8, 10, හෝ ඊට පසුව එන ඕන එකකට පුළුවන් කියලා තමයි Net Limiter වෙබ් අඩවියේ තියෙන්නේ. 

මෙත්නට ගිහිල්ලා Net Limiter  Download කරගන්න.  (File Size Mb 10 විතර)


ඔබේ බ්ලොග් එක මැල්වෙයා නිසා Google එකෙන් බ්ලොක් කලොත් සාදා ගන්නා ආකාරය


ඊයේ මගේ බ්ලොග් එක Google එකෙන් බ්ලොක් උණා බ්ලොග් එකේ Malware එකක් තියෙනවා කියලා Google එකට අහු වෙලා. ඊයේ දවසම මගේ බ්ලොග් එකට එන්න බැරිව තිබුණේ full Domain එක විතරක් නමේ Sub Domain වැඩ නැතිව ගියා. බ්ලොග් එකට පිවිසෙනකොට වැටෙන්නේ Deceptive site ahead කියලා (උඩ රුපයේ තියෙන පරිදි.) ඔහොම වෙලාවට Domain එකෙන් හදපු E-mail ලිපිනයෙන් යන E-mail Spam වෙලා යන්නේ. ඉතින් ඔහොම උනාම ඕක හදා ගන්න විදිය මට Youtube Video එකක තිබිලා හමු උණා. ඉතින් ඔයාලට මෙහෙම කරදරයක් උනොත් හදා ගන්න හැටි කියලා දෙන්න මට සිතුණා.

1. මුලින් ම යන්න Search Console එකට https://www.google.com/webmasters/tools/home?hl=en&pli=1

2. ඔබේ වෙබ්/බ්ලොග් එකේ Security Issues වලට යන්න.




3. දැන් Security Issues වල පෙන්වනවා ඔයාගේ වෙබ්/බ්ලොග් එකේ Malwares තියෙන තැන් වැල Link එක්කම, ඒ තැන් වලට ගිහිල්ලා ඒවා ඉවත් කරලා දාන්න. (වෙබ්/බ්ලොග් එකේ Malwares තියෙනවා කියලා පෙන්වන තැන් වලට ලගදී එකතු කරපු "රුප , Theme , Plugin , Script , එහෙමත් නැත්තම් Video හරි මොනම දෙයක් තියෙනවනම් ඒක ඉවත් කරලා දාන්න)


මම නම් Malwares තියෙනවා කියලා තිබුණ බ්ලොග් පොස්ට් 3ක් ම ඉවත් කළා. (http://videos.anusha.info එකේ පොස්ට් තමයි එහෙම ඉවත් කරන්න උනේ.)

4. මම වගේ පොස්ට් ඉවත් කරානම් මෙතනට https://www.google.com/webmasters/tools/removals
ගිහිල්ලා Security Issues වල පෙන්වන Links එකෙන් එක ඔතනට එකතු කරන්න.

5. ඊලගට අයෙත් යන්න Search Console එකේ Security Issues වලට එතන යටට වෙන්න තියෙනවා I have fixed these issues කියලා එකක් (ඉහත රුපයේ දම්
පාටින් තියෙන) ක්ලික් එකක් දාලා Request a review ඔබන්න. දැන් එනවා popup එකක් එකේන් අපි Google එකට දැනුම් දෙන්න ඕනේ "අදාළ Link වල තියෙන Malwares ඉවත් කරා. දැන් මේ warning   එක ඉවත් කරන්න කියලා යවන්න" සිංහලෙන් නම් යවන්න එපා English වලින් type කරලා යවන්න.

6. ඔබට Google එකෙන් E-mail එකක් එයි සුළු වෙලාවකින් පැය කිහිපයකින් මේ warning එක ඉවත් කරනවා කියලා. පහත තියෙනේ මට ආපු E-mail එක.


මෙන්න තියෙනවා Video එක මේකේ පිහිටෙන් තමයි මමත් මේ ගැන දැන ගත්තේ.



Image එකකට Video Play Button එකක් එකතු කරන්න පුළුවන් Online Tool එකක්


ඕනෑම Image එකකට Video Play Button එකක් එකතු කරන්න පුළුවන් මේ වෙබ් අඩවියෙන්. http://www.giikers.com/iwc/

Video එක්ක Link එකක් සමාජ ජාල වල Share කිරීමේදී මේ Tool එකෙන් සාදා ගත් Image එකක් සමග Share කරොත් ඉතා ඉක්මනින් ඔබේ මිතුරන් එය වැඩි පිරිසක් අතර ඉක්මනින් ප්‍රචාරය කරගන්න ඔබට පුලුවන් වෙයි.