Tuesday, August 16, 2016

Facebook වල බ්ලොක් උණ Domain වල Link Facebook එකේ Share කරන්නේ මෙහෙමයි.



මම වීඩියෝ බ්ලොග් එකක් කරනවා මේ දවස් වල මේ දවස් වල වැඩියෙන්ම කට්ටිය එන්නේ ඒකට. මුලින් Sub Domain එකකින් පටන් ගත්තා මේ තියෙන්නේ ඒක http://videos.anusha.info/ (දවසකට සැරයක්වත් ඇවිල්ලා බලලා ගියාට කමක් නෑ) වැඩේ සාර්ථක නිසා මම මේකට XYZ Domain එකක් අරන් දැම්මා ( හැම තැනම 0.88 වගේ තියෙනවා) Domain එක Add කරලා Facebook Share පාරක් දෙන්න බලද්දී Domain එක Facebook එකෙන් බ්ලොක් කරලා Unsafe කියලා. ඔය ගැන හොයලා බලද්දී නම් කිහිප දෙනෙක් කිව්වේ XYZ Domain හැම එකක් වගේම Facebook එකේ ඔහොමයි කියලා. එහෙමයි කියලා බැරි නිසා මම හොයලා බැලුවා මේක හදා ගන්න විදියක් හදා ගන්න විදියක් නම් හම්බුනේ නැහැ Facebook එකට මන් දෙපාරක් දැන්වුවා වැඩක් උනේ නැහැ.

මට හම්බුණා Facebook එකේ මෙහෙම බ්ලොක් උණ Domain වලින් Post Share කරන්න පුළුවන් වෙබ් අඩවියක්. මේ තියෙන්නේ ඒක http://link2fb.com/ ඔයාගේ Domain එක Facebook එකේ Share කරද්දී එක එක Photo කෑලි එවලා ඒවා තෝරන්න කියනවනම් හෝ කොහෙත්ම Facebook එකේ Post Share කරන්න බැරිනම් මේ වෙබ් අඩවිය ඔයාට ගොඩක් ප්‍රොයෝජනවත් වෙයි.

මුලින් ම ඔයා යන්න මේ වෙබ් අඩවියට http://link2fb.com/ , ඊට පස්සේ Your link කියන තැනට ඔයාගේ Facebook එකේ Share කරන්න බැරි Link එක එතනට දෙන්න. Title එකත් දෙන්න , Description එකත් දෙන්න. වීඩියෝ එකක් Share කරනවනම් විතරක් Play button එක තෝරන්න , වීඩියෝ එකක් Share කරන්නේ නැත්තම් No play button ලෙස ඒක එහෙන්මම තියෙන්න හරින්න. Change picture කියන තැනට Post එකට අදාල Image එකක් Upload කරන්න ඕනේ. ( එතකොට තමයි අර Share වෙන Post එකේ Image එක ලොකුවට පෙන්නේ Link එක්කත් එක්ක) ඊට පස්සේ Get My Link ඔබන්න. එතකොට Popup Window එකක් එනවා එකේ තියෙන එයාලේගේ Ads එක ඔබන්න එතකොට නව Link එකක් ඔයාට හම්බෙයි අන්න ඒක Facebook එකේ Share කරන්න.
එචරයි තියෙන්නේ.

Get My Link එබුවට පස්සේ ඔයා Ad Block Extension එකක් භාවිතා කරනවනම් ඔය වෙබ් අඩවියෙන් ඔය නව Link දෙන්න ටිකක් පරක්කු වෙනවා. Get My Link එබුවට පස්සේ එන Popup එකේ සදහන් වෙයි ඔයාගේ Ad Block Extension එක Disable කරන්න කියලා. ඒක කොලොත් ඉක්මනින් Link එක ඔයාට ගන්න පුළුවන් ඒක නිසා ඒක Disable කරන්න නැත්තම් Incognito භාවිතා කරන්න.

තව Google Login , Facebook Login භාවිතා කරලා ඔයාට ඔය වෙබ් අඩවියේ Account එකක් සාදා ගන්න පුළුවන්. එහෙම සාදා ගත්තා ට පස්සේ ඔය එකෙන් හදා ගන්න Link Edit කරලා වෙන Link දාගන්නවා වගේ වැඩ කරන්න පුළුවන්.

තව එයාලා ඔය දෙන නව Link එක එයාලගේ Domain එකකින් නේ දෙන්නේ. ඒකට අපිට අපේම Domain එකක් භාවිතා කරන්න පුළුවන්, ඒකට එයාලව contact කරගන්න ඕනේ කියලයි වෙබ් අඩවියේ සදහන් වෙන්නේ.

Saturday, July 16, 2016

මුණු පොතේ Video Auto Play වෙන එක නවත්තමු


මුණු පොතේ Video Auto Play වෙන එක ලෙසියන් නවත්වන්න පුළුවන්. කරන්න තියන්නේ මෙචරයි

මෙතනට යන්න https://www.facebook.com/settings?tab=videos

Auto-Play Videos - එක Off තෝරන්න ( සිංහල භාෂාව දාගෙන ඉන්නවනම් අක්‍රීය තෝරන්න)


Friday, June 24, 2016

අන්තර්ජාලයේ සැගවුණු පෙදෙස - Deep Web


ඔබ හිතන්නේ ඉන්ටනෙට් එකේ තියෙන හැම වෙබ් පිටුවක් ම ඔබට පේනවා කියලා ද ? එහෙනම් ඔබ වැරදී.


ඉන්ටනෙට් කියන්නේ අපිට පේන World Wide වෙබ් විතරක් නෙවෙයි. World Wide Web වලට අයිති නැති වෙබ් පිටුත් ඉන්ටනෙට් එකේ තියනවා ඒවා අයිති වෙන්නේ Deep Web එකට 

Deep web කියල කියන්නෙ අපිට එහෙමත් නැත්තන් සාමාන්‍ය users ලට, surfers ලට access කරන්න බැරි ඒත් web අවකාශයේ එදා ඉඳන් ම තිබුන දෙයක්

සමස්ථ අන්තර්ජාලය ගත්තාම අපිට Access කරන්න පුළුවන් ප්‍රමාණය 4% ක්, ඉතිරි 96% 
ම වෙන් වෙලා තියෙන්නේ Deep වෙබ් එකටයි

ඔබ Google , Yahoo , Bing  ගිහිල්ලා Search කරාට Deep වෙබ් සයිට් නම් කිසි විටෙකත් හොයාගන්න බැහැ. මොකද මේ වෙබ් අඩවි ඒවාට හසු නොවන්න හදලා තියෙන්නේ.

ඉන්ටනෙට් එකේ තියන නීති විොර්ධී දේවල් වලින් වැඩි හරියක් තියන්නේ මේ Deep වෙබ් එකේ තමයි.

Deep වෙබ් එකට යන එක නීති විරෝධී නෑ. ඒත් ඒකෙන් වැරදි වැඩ කරොත් ඒව නීති විරෝධී.

Deep වෙබ් එකේ මුදල් ගනු දෙනු සිදුවන මුදල් එකකය තමයි Bitcoin . ගනු දෙනු නිතියානුකුළ නිසාද කිසිවෙක් ඒ ගැන දැන නොගන්නා නිසාද හැකර්වරුන් වෙනත් රහසිගත කරනු වලට කැමති පුද්ගලයන් හා ආයතන අතර මෙය වේගයෙන් ජනප්‍රිය උණා

ඒ වගේම මෙහි භාවිතා කරන වෙබ් ලිපින සාමාන්‍ය වෙබ් ලිපිනයන්ට වඩා හාත්පසින්ම වෙනස් වෙනවා. 
උදා -:
http://3g2upl4pq6kufc4m.onion/ – DuckDuckGo Search Engine
http://xmh57jrzrnw6insl.onion/ – TORCH – Tor Search Engine

Deep වෙබ් එකට යන ආකාරය

Deep වෙබ් එක ඉතා භයානක වයිරස් , මැල්වෙයා හැකර් වරුන් බහුල ප්‍රදේශයක්,   (යනවනම් යන්න ඕනේ හොද Firewall එකක් දාගෙන Ip එකත් මොකක් හරි Proxy හෝ VPN එකකින් වෙනස් කරගෙන)  Deep වෙබ් ගිහිල්ලා ඔබේ Pvt දත්ත ඒ වෙබ් අඩවි වලට කිසි විටෙකත් ලබා නොදෙන්න. E-mail ලිපිනවත් දෙන්න එපා, දෙනවනම් වෙනම වෙන නමකින් එකක් හදලා දෙන්න. ඒ වගේම ෆයිල් Download කරන්න හිතන්නවත් එපා භායනක වයිරස් තියෙන්න පුළුවන්.  ඔන්න ඔබ ගිහිල්ලා ඉවර වෙලා පස්සේ මට බයින්න එපා කිව්වේ නැහැ කියලා. මම මුලින් ම කිව්වා. ඒ වගේම ඔබ ගිහිල්ලා මොනවා හරි උනොත් මට කිසිම වගකීමක් ගන්නත් බැහැ

මේ ඩීප් වෙබ්සයිට්ස් access කරන්නනම් Tor, I2P, Freenet , Maxthon Cloud Browser, android වලින් යනවනම් Orbot වලින් යන්න පුළුවන්. වැඩියෙන්ම බාවිතා වෙන්නේ Tor වෙබ් බ්‍රවුසර් එක තමයි , Tor වෙබ් බ්‍රවුසර් එක Firefox පාදක වෙබ් බ්‍රවුසර් එකක් tor එකෙන් කරන්නේ අපි ඩීප් වෙබ් surf කරනකොට අපේ IP address එක හංගන එක.

1. මෙන්න මෙතනින් tor Download කරගන්න. https://www.torproject.org/projects/torbrowser.html.en

2. ඊට පස්සේ Install කරගන්න.

3. ඊලගට tor වෙබ් බවුසර් එක Open කරගන්න


වෙනස් උණු Ip ලිපිනය තමයි ඔය රතු කොටුවේ පෙන්නේ


මේ වෙබ් ලිපිනයට Tor එකෙන් යන්න (Tor එකෙන් විතරයි යන්න පුළුවන්) මේක තමයි Deep වෙබ් එකේ තියෙන Hidden Wiki එක. මේකේ තියෙනවා ගොඩක් Links වගේ ඒවා Deep වෙබ් Search Engine වගේ ඒවා එහෙමත් තියෙනවා. මෙතන ගිහිල්ලා ම බලන්නකෝ http://zqktlwi4fecvo6ri.onion/wiki/index.php/Main_Page

Wednesday, June 22, 2016

Yllix මගින් මුදල් උපයන ආකාරය


Yllix කියන්නේ දැනට හොද මට්ටමේ තියෙන ad network එකක්.

Yllix වලින් උපයන මුදල් ගෙන්න ගන්න ව්‍යාජ Paypal Account හද හදා දගලන්න ඕනේ නැහැ $ 10 උන ගමන් Ez Cash වලින් ඔයාගේ Phone එකටම ගෙන්න ගන්න පුළුවන්.

Ez Cash වලට ගෙන්වා ගන්න $ 10 වෙනකම් ඉන්න බැරිනම් PayPal , Payza , Skrill , වලට ගෙන්වා ගන්න පුළුවන් $ 1 උණ ගමන් දෛනිකව උණත්. 


Yllix වලින් සාර්ථක ලෙස මුදල් හොයන්න නම් හොදට traffic තියෙන බ්ලොග් / වෙබ් එකක් තියෙන්න ඕනේ. එහෙම මොකක්වත් නැත්තම් බ්ලොග් එකක් හදාගෙන හොදට traffic එනකොට Yllix භාවිතා කරන්න පුළුවන්.

වැඩිදුර තොරතුරු ඔබට සිංහලෙන් ම Yllix වෙබ් අඩවියෙන් බලාගන්න පුළුවන්. විශේෂයෙන් ම කියන්න ඕනේ මේක විදෙස් ආයතනයක්. එත් එයාලා වෙබ් එක සිංහලෙනුත් හදලා තියෙනවා.

මම Yllix ගිණුමක් සාදා ගන්නා ආකාරය හා Yllix  ඔබේ වෙබ් බ්ලොග් අඩවියට දා ගන්න ආකාරය කියලා දෙන්නම්.

1. මුලින් ම Yllix වෙබ් අඩවියට යන්න https://yllix.com/416466/ ( මේක මගේ AFFILIATE LINK එක කැමතිනම් මේකෙන් ගිහිල්ලා Signup වෙන්න)

2. මුලින් ම භාෂාව වෙනස් කරගන්න උඩ English කියන එක ඔබන්න. එතනින් සිංහල තෝරන්න.


3. ප්‍රකාශක ගිණුමක් තනන්න කියන එක ඔබන්න ඊලගට


4. ඊළගට ඔබේ නම , E-mail ලිපිනය දෙන්න දීලා 'ගිණුම ගිණුම අරඹන්න' ඔබන්න.


ඊළගට පහත පරිදි පණිවිඩයක් ලැබේ


5. දැන් යන්න ලබා E-mail පරීක්ෂා කරන්න, ගිණුම සක්‍රීය කිරීමේ සබැදිය ක්ලික් කරලා ගිණුම සක්‍රිය කරගන්න.


6. ගිණුම සක්‍රීය කිරීමේ සබැදිය ක්ලික් කරලා වෙබ් අඩවියට යනකොට ම එනවා Popup එකක් එකේ I fully understand and accept the General Terms and Conditions for Publishers. ක්ලික් එකක් දාලා Complete Registration ඔබන්න.


7. ඊළගට ඔයාගේ විස්තර ටික පුරවලා Contiune ඔබන්න.


8. ඊළගට ඔයාගේ දුරකථන අංකය දීලා , තව Skype Id එකක් තියෙනවනම් එකත් දීලා Contiune ඔබන්න. ( මට Skype Id එකක් තියෙනවා එත් මම ලබා දුන්නේ නැහැ)

9. ඊළගට payments කරන්න ඕනේ විදිය තෝරන්න. මමනම් Ez Cash තේරුවේ. Ez Cash ගිණුමක් නැත්තම් ඔබේ Dialog , Etisalat , Hutch දුරකථනයෙන් #111# Dial කරලා මතක හිටින Password එකක් දාලා පහසුවෙන් Ez Cash ගිණුමක් හදා ගන්න. ( Ez Cash ගිණුමේ සීමාවක් තියෙනවා මුදල් ඇතුළු කරන්න පුළුවන් රු 10000 හා 25000 ගිණුම් වශයෙන් 25000 ගිණුම් අපි ශාකාවකට ගිහින් හදා ගන්න ඕනේ)


10. දැන් Ez Cash දුරකථන අංකය ඇතුළු කරන්න.


11. ඊලගට රුපයේ පරදී Close ඔබන්න.


12. ඊළගට Ad Tags ඔබන්න


13. AD TAG GENERATOR වලින් කැමති එකක් මත ක්ලික් කරන්න https ඇඩ්ස් නම් ගොඩක් ආරක්ෂිතයි ඒවා මේ ලගදි හදුන්වා දුන්නේ. (අනිත් ඒවා දැම්මොත් මැල්වෙයා ඇවිල්ලා සයිට් එක Google එකෙන් බ්ලොක් වෙන්න පුළුවන්)


14. ඊලගට ඔබ කැමති එකක් මත එබුවන්ම් පහත රුපයේ ආකාරයට. Website type: Non Adult තෝරන්න, (Adult තෙරුවොත් Porn Ads තමයි වැටෙන්නේ.)
Format: තෝරන්න , Optional settings ඔබන්න ඊළගට එතනින් පුළුවන් Code type: එක තෝරන්න. Iframe හෝ Java/Script මමනම් Iframe Ads ම තමයි දැම්මේ. අවසානයේ Get Ad Tag ඔබන්න. එතකොට Ad Code එක ලැබෙයි.


15. දැන් අර ලැබුණ Ad Code කොපි කරගෙන ඔබේ වෙබ් අඩවියට ඇතුළු කරගන්න. Blogger බ්ලොග් අඩවියක් නම් Layout ගිහිල්ලා Add a Gadget වලින් Html Java/Script එකක් අරෙගන ඔය කෝඩ් එක දාලා Save කරගන්න එචරයි. ,


ඔයාගේ වෙබ් / බ්ලොග් එකට එන අය Ads ක්ලික් නොකරොත් මුදල් හම්බෙන්නේ නැහැ. නමුත් Layer Ad Tag එකක් දැම්මොත් ඔයාගේ සයිට් එකට එන අය Ads ක්ලික් නොකරත් Yllix එකෙන් ගෙවනවා. Layer Ad Tag Safe නැහැ කියලා ත් කියන්න ඕනේ. Layer Ad Tag එකක් දැමොත් ඔයාගේ බ්ලොග් සයිට් එකට මැල්වෙයා ඇවිල්ලා Google එකෙන් බ්ලොක් වෙන්න පුළුවන්. ඒක නිසා එකේ අවධානමත් අරෙගන කරන්න. මැල්වෙයා ඇවිල්ලා Google එකෙන් බ්ලොක් උනොත්
මෙතන තියෙනවා හදා ගන්න හැටි http://www.anusha.info/2016/06/google.html

මමනම් Popup ඇඩ්ස් තමයි දාන්නේ ඒවගෙන් යම් මුදලක් හොයන්න පුලුව්න්. Adlut Ads දැම්මොත් එක ක්ලික් එකකට සාමන්‍ය Non Adult ඒවාට වඩා වැඩි මුදලක් ලැබෙනවා.  

තව දෙයක් කියන්න ඕනේ ඔයාගේ Ads වලට කොචර ක්ලික් වැටුනත් මුදල් උපයන්න නම් ඔයාගේ Account එක PREMIUM වෙනකම් ඉන්න ඕනේ. එකත් සුළු දෙයක් $ 0.09 උණ ගමන් ඔයාගේ ගිණුම PREMIUM එකක් වෙයි

මේ ලිපියේ නොදන්නා දෙයක් තියෙනවනම් අහන්න Comment මාරගයෙන් ස්තුතිය.

Tuesday, June 14, 2016

ඔබේ වෙබ්/බ්ලොග් එකේ මැල්වෙයා තියෙනවා කියලා Google එකෙන් බ්ලොක් කලොත් සාදා ගන්නේ මෙහෙමයි


ඊයේ මගේ බ්ලොග් එක Google එකෙන් බ්ලොක් උණා බ්ලොග් එකේ Malware එකක් තියෙනවා කියලා Google එකට අහු වෙලා. ඊයේ දවසම මගේ බ්ලොග් එකට එන්න බැරිව තිබුණේ full Domain එක විතරක් නමේ Sub Domain වැඩ නැතිව ගියා. බ්ලොග් එකට පිවිසෙනකොට වැටෙන්නේ Deceptive site ahead කියලා (උඩ රුපයේ තියෙන පරිදි.) ඔහොම වෙලාවට Domain එකෙන් හදපු E-mail ලිපිනයෙන් යන E-mail Spam වෙලා යන්නේ. ඉතින් ඔහොම උනාම ඕක හදා ගන්න විදිය මට Youtube Video එකක තිබිලා හමු උණා. ඉතින් ඔයාලට මෙහෙම කරදරයක් උනොත් හදා ගන්න හැටි කියලා දෙන්න මට සිතුණා.

1. මුලින් ම යන්න Search Console එකට https://www.google.com/webmasters/tools/home?hl=en&pli=1

2. ඔබේ වෙබ්/බ්ලොග් එකේ Security Issues වලට යන්න.




3. දැන් Security Issues වල පෙන්වනවා ඔයාගේ වෙබ්/බ්ලොග් එකේ Malwares තියෙන තැන් වැල Link එක්කම, ඒ තැන් වලට ගිහිල්ලා ඒවා ඉවත් කරලා දාන්න. (වෙබ්/බ්ලොග් එකේ Malwares තියෙනවා කියලා පෙන්වන තැන් වලට ලගදී එකතු කරපු "රුප , Theme , Plugin , Script , එහෙමත් නැත්තම් Video හරි මොනම දෙයක් තියෙනවනම් ඒක ඉවත් කරලා දාන්න)


මම නම් Malwares තියෙනවා කියලා තිබුණ බ්ලොග් පොස්ට් 3ක් ම ඉවත් කළා. (http://videos.anusha.info එකේ පොස්ට් තමයි එහෙම ඉවත් කරන්න උනේ.)

4. මම වගේ පොස්ට් ඉවත් කරානම් මෙතනට https://www.google.com/webmasters/tools/removals
ගිහිල්ලා Security Issues වල පෙන්වන Links එකෙන් එක ඔතනට එකතු කරන්න.

5. ඊලගට අයෙත් යන්න Search Console එකේ Security Issues වලට එතන යටට වෙන්න තියෙනවා I have fixed these issues කියලා එකක් (ඉහත රුපයේ දම්
පාටින් තියෙන) ක්ලික් එකක් දාලා Request a review ඔබන්න. දැන් එනවා popup එකක් එකේන් අපි Google එකට දැනුම් දෙන්න ඕනේ "අදාළ Link වල තියෙන Malwares ඉවත් කරා. දැන් මේ warning   එක ඉවත් කරන්න කියලා යවන්න" සිංහලෙන් නම් යවන්න එපා English වලින් type කරලා යවන්න.

6. ඔබට Google එකෙන් E-mail එකක් එයි සුළු වෙලාවකින් පැය කිහිපයකින් මේ warning එක ඉවත් කරනවා කියලා. පහත තියෙනේ මට ආපු E-mail එක.


මෙන්න තියෙනවා Video එක මේකේ පිහිටෙන් තමයි මමත් මේ ගැන දැන ගත්තේ.



Thursday, June 2, 2016

Mac OS වගේ Linux මෙහෙයුම් පද්ධතියක් - Elementary OS


මේ මෙහෙයුම් පද්ධතිය තමයි මම Linux වලදී දැකපු ලස්සනම මෙහෙයුම් පද්ධතිය.

මේකේ නම Elementary OS

මේක බැලු බැල්මට පෙන්නේ Apple Mac OS එක වගේ.

මේක Ubuntu මෙහෙයුම් පද්ධතිය පාදක කරගෙන නිර්මාණය කළ මෙහෙයුම් පද්ධතියක්.

මේ මෙහෙයුම් පද්ධතියේ Ubuntu වල Install කරන ඕනම Software එකක් Install කරන්න පුළුවන්.

මේ තියෙන්නේ Ubuntu වල Minimum Requirements මේවා Elementary os වලට අදාලයි

700 MHz processor (about Intel Celeron or better)
512 MiB RAM (system memory)
5 GB of hard-drive space (or USB stick, memory card or external drive but see LiveCD for an alternative approach)
VGA capable of 1024x768 screen resolution
Either a CD/DVD drive or a USB port for the installer media
Internet access is helpful




පහතින් තියෙන්නේ Elementary os එකේ ScreenShot කිහිපයක්.



මේ OS එක නොමිලේ ලබා දෙන OS එකක් කැමතිනම් ආධාරයක් කරලා ගන්න පුලුවන්. https://elementary.io/ වෙබ් අඩවියට ගිහිල්ලා Custom ඔබලා 0 ගහලා Download කරගන්න. පැහැදිලි නැත්තම් පහත Video එක බලන්න මම හදපු Video එකක් මේ සදහා ම.

Sunday, May 29, 2016

Gnome වලට කැමති අයට Ubuntu Mate


මේක Ubuntu පාධක මෙහෙයුම් පද්ධතියක්.

ඉස්සර Ubuntu මෙහෙයුම් පද්ධතියේ ආපු GNOME 2 desktop Environment එක සංවර්ධනය කරලා හදපු OS එකක් තමයි Ubuntu Mate කියන්නේ.

පැරණි Gnome 2 Desktop Environment  එකට කැමති අයටයි,  Ubuntu වල එන Unity Desktop Environment එක පෙන්න බැරි අයටයි  පුළුවන් මේ Ubuntu MATE මෙහෙයුම් පද්ධතියට මාරු වෙන්න.


මෙන්න තියෙනවා Ubuntu Mate System Requirements

Minimum

Pentium III 750 megahertz

512 megabytes (MB) of RAM

8 gigabytes (GB) of available space on the hard disk

Bootable DVD-ROM drive

Keyboard and mouse (or other pointing device

Video adapter and monitor with 1024 x 768 or higher resolution

Sound card

Speakers or headphones


Recommended

Core 2 Duo 1.6 gigahertz

2 gigabytes (GB) RAM

16 gigabytes (GB) of available space on the hard disk

Bootable USB flash drive

Keyboard and mouse (or other pointing device)

3D capable video adapter and wide screen monitor with 1366 x 768 or higher resolution

Sound card

Speakers or headphones


Screenshots








2016 වර්ෂයේ April මස පැමිණි අළුත් ම 16.04 LTS Ubuntu Mate මෙහෙයුම් පද්ධතියේ, 32bit සංස්කරණය හෝ 64bit සංස්කරණය මේ Link එකෙන් Ubuntu Mate නිළ වෙබ් අඩවියට පිවිස Download කරගන්න. https://ubuntu-mate.org/download/

Wednesday, May 25, 2016

ඔබ ඉන්න තැනට හොදට සිග්නල් තියෙන Netwook එක දැන ගන්න පුළුවන් වෙබ් අඩවියක්.


මේ වෙබ් අඩවියේ නම opensignal

මේ වෙබ් අඩවියෙන් පුළුවන් ඔබ ඉන්න තැන ලෝකේ කොහේ උනත් ඔබ ඉන්න තැනට හරියටම සිග්නල් තියෙන 2G ,3G ,4G , LTE Netwook එක දැනගන්න. හරියටම

මෙන්න ඔබත් ගිහිල්ලා ම බලා ගන්න ඔබ ඉන්න තැනට තියෙන සිග්නල් හොදට තියෙන Netwook එක මොකක් ද කියලා. http://opensignal.com/

Tuesday, May 24, 2016

අලුත් Web Browser එකක් - Vivaldi Web Browser


මා අන්තර්ජාලයෙන් සොයා ගත් ආකාරයට මේ Web Browser එක chromium පාධක Web Browser එකක්.

මේක developed කරන්නේ Opera එකේ හිටපු කට්ටියක්මයි කියලා විදෙස් බ්ලොග් වල තිබුණේ.

මේක technical previews එක ආවේ November 3, 2015 දා ,ඒක මිලියන දෙකකට වැඩි පිරිසක් Download කරගෙන තියෙනවා කියලා විකිපීඩියාවේ සදහන්.

ඉන් පසු Vivaldi 1.0 මුල්ම වරට නිකුත් උනේ April 6, 2016 වැනිදා.

මේ Web Browser එකට Google Input Tool ඇතුළු Chrome Extensions ඕන එකක් දාලා භාවිතා කරන්න පුළුවන්.

මේ Web Browser එක Google Chrome වලට වඩා ගොඩක් ලස්සනයි ඒ වගේම ගොඩක් පහසු කම් තියෙනවා.

මමත් මේක දාලා බැලුවා Lubuntu වලට chromium පාධක Web Browser එකක් උනත් Chrome වල එන අර සිංහල අවුල උනත් මේක එන්නේ නැහැ. ඒක නිසා කිසිම ගැටළුවක් නැතිව Web Browser එක භාවිතා කරන්න පුළුවන්.

Vivaldi Web Browser එක Windows , Linux , Mac මෙහෙයුම් පද්ධතින් වලට භාවිතා කරන්න පුළුවන්.

මෙන්න තියෙනවා Video එකක් මේක බලලා ම තේරුන් ගන්නකෝ මේක කොචර හොදද කියලා



Vivaldi Web Browser එක මෙතනින් Download කරගන්න. https://vivaldi.com/download/?lang=en

Ubuntu/Debain මෙහෙයුම් පද්ධති වලට Vivaldi 1.1 32bit DEB හෝ Vivaldi 1.1 64bit DEB Download කරගෙන Install කරගන්න.

Monday, May 23, 2016

32bit Ubuntu පරිගණක වලට Chrome වෙනුවට chromium browser


32bit Linux පරිගණක වලට Chrome දෙන එක Google ලා නවතලා දැම්මා පසුගිය මාර්තු මාසයේ ඉදලා.

මේ ගැන පසු ගිය දෙසැ මාසයේ සිටම Google නිළ නිවේදනය කරලා තිබුණා.

පසු ගිය මාර්තු මාසයේ ඉදලා 64 bit Linux පරිගණක වලට විතරයි Chrome ලබා දෙන්නේ.

32bit Ubuntu පරිගණක වලට Chrome browser එක වෙනුවට ඔබට chromium browser එක හෝ Firefox browser හෝ chromium පාධක browser එකක් වන Vivaldi browser එකත් ඔබට භාවිතා කරන්න පුළුවන්. (Vivaldi browser එක ගැන මම ඉදිරි ලිපි වලින් කියා දෙන්නම්)

මම අද කියලා දෙන්න හදන්නේ chromium browser එක ඔබේ Ubuntu පරිගනකයේ හෝ උබුන්ටු පාදක මෙහෙයුම් පද්ධතියක chromium browser එක ස්ථාපනය කරගන්න ආකාරය පිලිබදවයි.

chromium browser එක Ubuntu පරිගනකයේ හෝ Ubuntu පාධක මෙහෙයුම් පද්ධතියක ස්ථාපනය කිරීම

ඔබේ කී බෝඩ් එකේ CTRL + Alt + T ඔබලා Terminal එක ගන්න අරගෙන පහත Comamnd Type කරලා chromium browser එක පහසුවෙන් ස්ථාපනය කරගන්න.

sudo apt-get upadte && sudo apt-get install chromium-browser -y

Uninstall කිරීමට

sudo apt-get remove chromium-browser -y

chromium browser වල Adobe Flash Player ඒක ස්ථාපනය කිරීමට පහත Comamnd භාවිතා කරන්න.

sudo apt-get update && sudo apt-get install adobe-flashplugin -y 

Adobe Flash Player එක Uninstall කිරීමට පහත Comamnd එක භාවිතා කරන්න.

sudo apt-get remove adobe-flashplugin -y


Ubuntu පාදක මෙහෙයුම් පද්ධති (Lubuntu,Kubuntu,Xubuntu,Linux Mint , Elementary OS, etc..) සදහත් ඉහත Commands භාවිතා කරන්න.

Saturday, May 21, 2016

ඔබේ අන්තර්ජාල ගොනු Remote Upload කිරීමට ප්‍රොයෝජනවත් වෙන වෙබ් අඩවියක්.


අද ලබා දෙන්නේ ඕනෑම තැනක තියෙන ගොනුවක් Google Drive , Youtube , Dropbox , OnDrive , Google Picasa , VK.Com වෙබ් අඩවි වලට Remote Upload කරන්න පුලුවන් වෙබ් අඩවික්. මේ වෙබ් අඩවියෙන් පුළුවන් ඕනම තැනක තිබෙන ගොනුවක් සුළු කාලයක් තුළ මම ඉහත සදහන් කළ වෙබ් අඩවින් වලට පහසුවෙන් Remote Upload කරගන්න. මෙන්න වෙබ් අඩවිය http://www.thoaimedia.com/save/